අයදුම්කිරීම සඳහා උපදෙස්

කොත්මලේ, වාරිමාර්ග හා ජල කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික වෘත්තීය කුසලතා 06 වන මට්ටම සඳහා ප්‍රතීතනය කර ඇති පූර්ණ රාජ්‍ය ආයතනයකි. මෙම ආයතනය මගින් පවත්වනු ලබන තුන් අවුරුදු පූර්ණ කාලීන වාරිමාර්ග තාක්ෂණවේදය පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික, අවිවාහක අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම පුහුණු පාඨමාලා දෑ අවුරුදු නේවාසික පුහුණුවකින් හා එක අවුරුදු ක්ෂේත්‍ර පුහුණු කාලයාකින් සමන්විත වේ.

ආධුනිකයින් බඳවා ගැනීම සඳහා අවම සුදුසුකම්

  • අයදුම්කරු අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන සාමාර්ථ සහිතව සමන් විය යුතුය.
  • අ.පො.ස. (උ.පෙළ) විභාගය ගණිත විෂය ධාරාවෙන් විෂයයන් 3ක් එක්වරකින් සමත් විය යුතුය.
  • අයදුම්කරු, අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන විට වයස අවරුදු 25ට අඩු යහපත් මානසික හා කායික සෞඛ්‍යයකින් හෙබි අයෙකු විය යුතුය.

පුහුණුව සඳහා බඳවාගන්නා ක්‍රමවේදය

  • සුදුසුකම්ලත් අයදුම්කරුවන් ගණිතය, සාමාන්‍ය දැනීම, හා බුද්ධි පරීක්ෂණය යන විෂයයන්ට අදාලව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන තරග විභාගයකට පෙනී සිටිය යුතුය. ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීමට කාලය පැය 1 1/2 කි.
  • ලිඛිත විභාගයෙන් සමත්වන අයදුම්කරුවන්, සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් විය යුතුය.
  • ලිඛිත විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් ඉහලම ලකුණු ගන්නා අයදුම්කරුවන් පාඨමාලාව සඳහා බඳවා ගනු ලැබේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීම් විස්තර

  • ආයතනයේ වෙබ් පිටුවට පිවිසීමෙන් අදාළ අයදුම්පත Online ක්‍රමවේදය ඔස්සේ යොමු කල යුතුය. මෙම පිටුවේ පහළ ඇති 'Apply Now' යෙදුම මගින් ඔබට අයදුම්පත් යොමු කල හැක.
  • අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කල යුතුය.
  • අයදුම්පත් යොමු කල හැකි අවසාන දිනය 2024 ජුලි මස 25 වන දින වේ.
  • අයදුම්පත සම්පූර්ණ කිරීමේදී විභාග ප්‍රතිපල සනාථ කරගැනීම සඳහා සාමන්‍ය පෙළ විභාග සහතිකය, උසස් පෙළ විභාග සහතිකයෙහි Scan පිටපතක් සහ වයස සනාථ කරගැනීම සඳහා උප්පැන්න සහතිකයෙහි Scan පිටපතක් උඩුගත කල යුතුය.

විශේෂ කොන්දේසි

  • පුහුණු පාඨමාලාව පවත්වනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.
  • මෙම පුහුණු පාඨමාලාවල අධ්‍යයන කටයුතු සඳහා යන සියලු වියදම්, ශ්‍රී ලංකා රජය මගින් දරනු ලබන අතර, නේවාසික පහසුකම්ද පුහුණු ආයතනය මගින් සපයනු ඇත. එහෙත් පුහුණු කාලය තුලදී, ආහාරපාන, භෞතික හා අනෙකුත් පෞද්ගලික වියදම් අභ්‍යාස ලාභීන් විසින් දැරිය යුතු වේ.
  • තෝරා ගනු ලබන අභ්‍යාසලාභීන්, අභ්‍යාස ආයතනයේ විනය හා ආචාර ධර්ම වලය යටත්ව පුහුණුව අවසන් කරන බවට මෙන්ම පුහුණු කාලසීමාව සාර්ථකව අවසන් කරන බවට බැඳෙන ගිවිසුමකට අත්සන් කල යුතුය.
  • පුහුණු කාලය අවසන් කිරීමට මත්තෙන්, පුහුණුවෙන් ඉවත් වන්නේ නම් එතෙක් ඔහු හෝ ඇය වෙනුවෙන් රජය මගින් දරූ වියදම ආපසු ගෙවීමට බැඳී සිටින අතර, ඒ සඳහා ඇප වූ ගිවිසුමකට එළඹිය යුතුය.
  • පුහුණු කාලය තුල පවත්වනු ලබන සමාසික, වාර්ෂික මෙන්ම පුහුණු කාලය අවසානයේදී පවත්වනු ලබන අවසන් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ වලදී සමත්වන ආධුනිකයන් සඳහා NVQ-Level 06 මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් පුහුණු ආයතනය විසින් නිකුත් කරනු ලබන අතර පුහුණුවට අදාළ රැකියා ලබා දීමට මෙම අමාත්යංශය හෝ පුහුණු ආයතනය බැඳී නොසිටියි.
  • අයදුම්කරුවන් වෙනත් කිසිදු උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී නොතිබිය යුතුය.